27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

දුම්රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණියක් ඊයේ (28) පස්වරුවේ දුම්රියක ගැටී පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කළු පැහැති ඩෙනිම් කලිසමක් සහ මල් සහිත කහ පැහැති හැට්ටටයක් ඇඳ සිටි 22 වියේ පමණ පසුවන ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවයි පොලීසිය පැවසුවේ.

මරදාන සිට අළුත්ගම බලා ධාවනය වූ අංක 772 දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කිරීමේදී රාත්‍රි 7 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය එම දුම්රියෙන්ම වාද්දුව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් වාද්දුව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේනමුත් මෙම තරුණිය රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.