― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබාලවයස්කාර දැරියට දරුවෙක් ලැබීමේ සිදුවීම දොස්තර හංගලා

බාලවයස්කාර දැරියට දරුවෙක් ලැබීමේ සිදුවීම දොස්තර හංගලා

15 හැවිරිදි බාලවයස්කාර දැරියක දරුවෙකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී එය සැඟවීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි අනාවරණය වේ. මෙම බාලවයස්කාර දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14 දීය.

බිහි කළ දරුවා අඩුබර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් රෝහලේ ළමා ඒකකයට යොමුකර ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයෙකු විසිනි. නේවාසිකව ප්‍රතිකාර ලබන බිළිඳා සමඟ රෝහලේ නැවතී සිටි දැරිය බාලවයස්කාරියක බව දැනගත් රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලය එම දැරිය පිළිබඳ නීත්‍යනුකූලව කටයුතු කිරීමට රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට දැනුම්දී ඇත.

ළමා මව ප්‍රතිකාර සඳහා යොමුකරන ලද විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කරමින් පවසා ඇත්තේ ඇය තමන්ගේ රෝගියෙකු බවත් ඇය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බවය. ඒ බව පවසා ඉකුත් 26 වැනිදා මෙම ළමා මව බලහත්කාරයෙන් වාට්ටුවෙන් ඉවත්කරගෙන ගොස් ඇත.

ඇය සහ බිළිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ හෙද නිලධාරී නිලධාරිනියන් පවසන්නේ ළමා මව බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා සිදුකර ඇත්තේ සිදුව ඇති අපරාධමය වරදක් සැඟවීම බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංගගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ළමා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිළිඳකු සහ ළමා මවක වෙනත් වාට්ටුවක විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි වාර්තා වන බවය.

එම ළමා මව සම්බන්ධයෙන් රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට කලින්ම දැනුම් දී තිබූ බවත් පසුව ඊයේ (28) ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දුන් බවත් අධ්‍යක්ෂවරයා කීවේය. එමෙන්ම ළමා මව පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙතද මේ බව දැනුම් දුන් බව අධ්‍යක්ෂවරයා පවසයි.

#aruna