26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර මිලියන 92.1ක් ආනයනයට අවසර

බිත්තර මිලියන 92.1ක් ආනයනයට අවසර

මාස 3ක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීමේ අරමුණින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 3කින් මිල ගණන් කැඳවා ඇති අතර අදාළ මිල ගණන් මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සැලකිල්ලට ගනිමින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් අදාළ බිත්තර තොගය ආනයනය කරනු ඇති.