26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහමග වැටී සිටි කොස්තාපල්වරයෙක් රෝහලට

මහමග වැටී සිටි කොස්තාපල්වරයෙක් රෝහලට

මහමග සිහිසුන්ව බිම වැටී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමට මාරවිල පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ආරච්චිකට්ටුව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුයි.

ඉකුත් 28 වෙනිදා සවස මෙම සිද්ධිය සිදුවී ඇති අතර තම ඥාති පුතෙක් වෙන්නප්පුව ප්‍රදේශයේ සිටින බවත් එම දරුවා හමුවීම සදහා බස් රථයකින් පැමිණ අවශ්‍ය බඩු කීපයක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේ බිම ඇදවැටුණු බවත් රෝහල්ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා පැවසීය.

රෝහල්ගත කර ඇති පොලිස් කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.