― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජකුමාරිගේ මරණයට පොලීසියේ අයෙක් අත්අඩංගුවට

රාජකුමාරිගේ මරණයට පොලීසියේ අයෙක් අත්අඩංගුවට

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නැමැති මෙහෙකාර කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිසියේ සේවය කල උප පොලිස් පරීක්ෂකවරයෙකු වන අජිත් කුමාර නමැත්තා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල හමුවට අද ඉදිරිපත් කෙරුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ විමර්ශනවලදී අනාවරණය වූ සාක්ෂි පදනම් කරගෙන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මියගිය තැනැත්තිය අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට මිය යන තෙක්ම මෙම සැකකරු භාරයේ සිටි බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන අතර බලපෑම්වලින් තොරව මෙම විමර්ශන සිදු කෙරෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.