― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට නවසීලන්තයේ පූර්ණ සහාය

සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට නවසීලන්තයේ පූර්ණ සහාය

සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීමට ද එකඟතාවයක් ඇති වී තිබේ.

අම්පාර ප්‍රදේශයේ මෙම සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අමාත්‍යවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් Andrew Traveller මහතා අතර අද පැවැත්විණි.

මෙම මධ්‍යස්ථානය පිහිටුවිමට අදාළව දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර අදාළ අවබෝධතා ගිවිසුම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සමාලෝචනයට ලක් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතය.

අම්පාරේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලයට සමීපව මෙම මධ්‍යස්ථානය පිහිටුවන අතර දිස්ත්‍රික් කාර්යාලය සමග සමීපව මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතය.

මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසුව වසර තුනක කාලයක් සඳහා නවසීලන්තය විසින් ආධාර ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

ආරක්ෂිත සංක්‍රමණය සහ විදේශ රැකියා සම්බන්ධයෙන් අවධානමට ලක්විය හැකි පිරිස් අතර දැනුවත්භාවය ඇති කිරීම සදහා වන වැඩසටහන් මේ හරහා ක්‍රියාත්මක කරන අතර මිනිස් ජාවාරම සහ අක්‍රමවත් සංක්‍රමණ වැළැක්වීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ද මේ හරහා ඉටු කෙරේ. එම වැඩසටහන් ක්‍රමිකව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ව්‍යාප්ත කිරීමටද අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය හරහා ලංකාව හා නවසීලන්තය අතර වන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජන ජීවිතය වඩාත් දියුණු කිරීම සඳහා වන දායකත්වය ලබාදීමටත් අපේක්ෂා කරන බවත් නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙම හමුවේදී අවධාරණය කර සිටියේය.