― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeArtJailer චිත්‍රපටයට අධිකරණ නියෝගයක්

Jailer චිත්‍රපටයට අධිකරණ නියෝගයක්

Jailer සිනමාපටයට එරෙහිව විශේෂ අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරු තරුව රජිනිකාන්ත් රංගනයෙන් එක්වන නවතම Jailer සිනමා නිර්මාණය පිළිබඳව මේ වනවිට ආදායම් වාර්තා තබා ඇති චිත්‍රපටයක් වන අතර එහි රූප රාමු කිහිපයක පෙනී සිටින කොන්ත්‍රාත් ගෙන මිනිසුන් ඝාතනය කරන අයෙකු IPL ක්‍රිකට් කණ්ඩායමක් වන RCB ජර්සියකින් සැරසී සිටීම හේතුවෙනුයි මෙම අධිකරණ නියෝගය ලබා දී ඇත්තේ.

එයට එරෙහිව චිත්‍රපට නිෂ්පාදන සමාගමට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමින් එම රූපරාමු සකස්කරන ලෙස අධිකරණය නියෝග කර ඇති අතර අදාළ රූපරාමු ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සංස්කරණය කිරීමට එම චිත්‍රපට සමාගම එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සැප්තැම්බර් මස 01 වැනිදා සිට මෙලෙස සකස්කරන ලද Jailer චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කෙරෙනු ඇති.