― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsඅද රාත්‍රියේ විරල නීල සඳක්

අද රාත්‍රියේ විරල නීල සඳක්

අද (30) රාත්‍රියේ සෙනසුරු සමඟ ඉතා විරල ගණයේ සුපිරි නීල සඳක් දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

මෙම සුපිරි නීල සඳ නැරඹීමට හොඳම වේලාව අද රාත්‍රිය ගෙවී ගොස් පසු දින උදෑසන 5.00ට පමණ බවත් ඒ ආසන්නයේම ඉතා දීප්තිමත්ව සෙනසුරු ග්‍රහයා ද දැක ගැනීමට හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි සුපිරි නීල සඳක් නැවත දැක ගත හැකි වන්නේ 2037 ජනවාරි මාසයේ බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.