27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරටට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරටට

ආසියානු කුසලානයේ තරගවලට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද දහවල් කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් අද දහවල් 12.45ට ඉන්දියාවේ බැංගලෝර් සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් වූ Sඝ්- 9045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් වෙනුවෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක කර තිබුණා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු මහනුවර බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙනවා.

ඔවුන් සහභාගී වන පළමු තරගය ලබන සැප්තැම්බර් මස 02 වනදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.