― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතිරිඟුපිටි ආනයනයේදී බලපත්‍ර ක්‍රමය අහෝසියි

තිරිඟුපිටි ආනයනයේදී බලපත්‍ර ක්‍රමය අහෝසියි

තිරිඟුපිටි ආනයනය බලපත්‍ර ක්‍රමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රුපියල් 16 සිට රුපියල් 27 දක්වාත්, තිරිඟු ඇට සඳහා රුපියල් 06ක බද්දකුත් පැනවීමට කටයුතු තළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.