31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට රජයේ බැංකු අදත් විවෘතයි

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට රජයේ බැංකු අදත් විවෘතයි

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් අද පොහොය දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව තැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

පළමු අදියරේදී පවුල් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඊයේ දින බැංකු වෙත නිකුත් කෙරිණ.