28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලෝ 03ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

කිලෝ 03ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 394ක් සමඟ පුද්ගලයෙකු උයිලන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මන්නාරම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරදී තිබේ.