33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 29ක මැණික් සමඟ කතක් ගුවන්තොටේදී අත්අඩංගුවට

කෝටි 29ක මැණික් සමඟ කතක් ගුවන්තොටේදී අත්අඩංගුවට

අද (30) උදෑසන 3.15ට අංක AI 217 දරන ගුවන් යානයෙන් චෙන්නායි බලා පිටත්වීමට පැමිණි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි වයස 30 ක් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් හ්‍රෑම් 2311.75 ක බරින් යුතු මැණික් තොගයක් ස්වකීය ඇඳුම් තුල රඳවාගෙන වංචනික ලෙස රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන රේගුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම මැණික් තොගයේ වටිනාකම රුපියල් කෝටි 29.1 ක් (විසිනව කෝටි දස ලක්ශයක්) ලෙස රේගුව තක්සේරු කොට තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන රේගුව විසින් සිදු කරගෙන යන අතර අදාල කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.