27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රතිශක්තීකරණ එන්නත් 02ක් රට තුළ නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය

ප්‍රතිශක්තීකරණ එන්නත් 02ක් රට තුළ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

කහ උණට හා මෙනින්ජයිටීස් රෝග සඳහා ප්‍රතිශක්තීකරණය ලබා දෙන එන්නත් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අප්‍රිකානු කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කහ උණ සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන බවත් ඒ සඳහා ගිවිසුම්ගතව සිටි සැපයුම්කරු නිසි පරිදි එන්නත් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.

කෙසේනමුත් අදාළ සැපයුම්කරු මගින් කඩනමින් එන්නත් ආනයනයට සැලසුම් කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.

මැදපෙරදිග කලාපයේ සමූහ වශයෙන් සංචාරය කරන පුද්ගලයින්ට මෙනින්ජයිටීස් රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන බව පැවසූ අධ්‍යක්ෂකවරයා කියා සිටියේ එම එන්තත්ද මේ වනවිට මෙරට ගබඩාවල නොමැති බවයි.

එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැත.

අදාළ එන්නත් මේ වනවිට ඇණවුම් කර ඇති ඒවා ඉදිරි සතිය ඇතුළත දිවයිනට ලැබෙනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය.