27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබහින්බස්වීමක් මරණයකින් කෙළවර වෙයි

බහින්බස්වීමක් මරණයකින් කෙළවර වෙයි

බීමත්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.

අධික ලෙස බිමත්ව සිටි මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුම අතරතුර මුගුරකින් හිසට පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ලිඳුල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුවයි අද උදෑසන මියගොස් ඇත්තේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ ලිඳුල නාගසේන වලගහවත්තේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියෙක්.

මරණකරු සහ ඔහුගේ මිතුරා එකම වතු නිවාස පේලියක පදිංචිකරුවන් වන අතර ඊයේ (29) පස්වරුවේ අධික ලෙස බීමත්ව නිවසට පැමිණිමෙන් පසුව දෙදෙනා අතර බහින් බස් විමක් සිදුවී තිබෙනවා.

අනතුරුව එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් පසු එක් අයෙක් අනෙක් පුද්ගලයාගේ හිසට මුගුරකින් කළ පහරදීමෙන් බරපතල තුවාල ලබා තිබූ බව සඳහන්. මරණකරුගේ බිරිඳ විදේශ රැකියාවක නිරතව සිටින බව සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් මරණකරුගේ මිත්‍රයා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් ලිදුල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.