පොලිස් විශේෂ කාර්ය බලකා අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අනුරාධපුර දිස්ත්රික්ක ආහාර හා ඖෂධ පරික්ෂක කාර්යාලයේ නිලධාරින් සමඟ එක්ව අනුරාධපුර පොලිස් වසමේ මිහින්තලා හන්දිය දුම්රිය ස්ථානය අසලදී වැටලීමක් සිදු කර තිබෙනවා.
නීතිවිරෝධී මත්කරල් සහ ගබ්සා සිදු කිරීමට යොදාගන්නා නීති විරෝධී ඹෟෂධ තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන දිස්ත්රික්ක ආහාර හා ඖෂධ පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 52 ක් වූ මිහින්තලා හන්දිය දුම්රිය ස්ථානය අසල පදිංචිකාරියකි.