29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාව තවදුරටත් වෙනත් රටවලින් උපකාර ඉල්ලිය යුතු නෑ

ලංකාව තවදුරටත් වෙනත් රටවලින් උපකාර ඉල්ලිය යුතු නෑ

නව වෙළෙඳපොළ, විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මග අනුගමනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමේදී තරඟකාරිත්වයට මුහුණ දෙමින් මෙම පියවර අනුගමනය කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය පිළිබඳ සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. ජනාධිපතිවරයා කියා සිටියේ අන් රටවලින් තවදුරටත් උපකාර ඉල්ලීමෙන් වැළකී අපේ රටට අවශ්‍ය දියුණුව අප විසින්ම උදාකරගත යුතු බවයි.

කලාපයේ බොහෝ රටවල සිදු කළ අන්දමින් පවතින සම්පත් භාවිත කරමින් රටක් ලෙස අප තනිව නැඟී සිටිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.