25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙද සේවයට තවත් 3000ක් බඳවා ගැනීමට උපදෙස්

හෙද සේවයට තවත් 3000ක් බඳවා ගැනීමට උපදෙස්

හෙද සේවාව සඳහා තවත් හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ සදහා ගැටළුවක් පවතින්නේ නම් එයට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා ශී ඇත.

ඒ අනුව 2018 වර්ෂයේ සිසු හෙද පුහුණුව සදහා බඳවා ගැණුනු පුහුණුලාභීන් 2500 ට ආසන්න පිරිසක් සහ හෙද උපාධිධාරීන් 500 ක් මෙලෙස මෙරට හෙද සේවාවට එක් කිරීමට ඉළක්ක කෙරේ.

මේ අතර, හෙද පුහුණුව සදහා බඳවා ගැ‌නෙන 2019 / 2020 උසස් පෙළ කාණ්ඩයේ අයදුම්පත්‍ර කැඳවීම සදහා වන ගැසට් පත්‍රය සැප්තැම්බර් මස මැද වනවිට නිකුත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළැසුම් කර තිබේ. ඉන් තෝරා ගැනෙන අයදුම්කරුවන් වසර 03 ක හෙද පුහුණුවක් සදහා යොමු කෙරේ.