28 C
Colombo
Wednesday, April 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsHIV ආසාදිතයින්ගේ වර්ධනයක්

HIV ආසාදිතයින්ගේ වර්ධනයක්

මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ HIV ආසාදිතයි සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 39ක වැඩිවීමක් බවයි එහි දත්ත වාර්තා පෙන්වා දුන්නේ.

පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී HIV ආසාදිතයන් 130 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම වසරේ දෙවැනි කාර්තුවේ HIV ආසාදිතයන් 181 දෙනෙක් වාර්තා වී තිබේ.

අවුරුදු 15 – 24 අතර පිරිමි 26 දෙනෙකු සහ ගැහැණු 3 දෙනෙකු ඊට අයත්ය.

එසේම පසුගිය වසරේ දෙවැනි කාර්තුව තුළදී ඒඩ්ස් මරණ 13 ක් වාර්තා වී ඇති අතර එය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මරණ 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් වාර්තාවේ දැක්වේ.