19.3 C
London
Monday, October 2, 2023

ඖෂධ නිසා සිදු වූ මරණ ගැන සොයන්න කමිටුවක් ඉල්ලයි

තත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදු වූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් පස්දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙරට ඖෂධවල තත්ත්වය හා ප්‍රමිතිය ආරක්ෂා කිරීම, ඒවා ලියාපදිංචි කිරීම, ලියාපදිංචිය අවලංගු කිරීම, නිෂ්පාදනය කිරීම සඳහා අවසර දීම, මිල නියම කිරීම, ගබඩා කිරීම සදහා අවසර දීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන බලය පැවරී තිබෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත බවයි.

නමුත් පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ලද නිර්වින්දන ඖෂධ වර්ග දෙකක් හා අක්ෂි ඖෂධ වර්ගයක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් රෝගී මරණ සහ රෝගීන් තුළ සංකූලතා හට ගත් අවස්ථා වාර්තා වූ බවත් පෙත්සම්කරුවන් පවසනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ඖෂධ වර්ග භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ බව ද පෙත්සමෙහි සඳහන්.
නමුත් මෙම ඖෂධ භාවිතයෙන් සිදු වූ මරණ හා රෝගී සංකූලතා සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවත් එහි සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රශ්නගත ඖෂධ වර්ගවල ලියාපදිංචිය සම්බන්ධයෙන් ද බරපතළ ගැටලු මතුවී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ප්‍රකාශ කරන්නේ ඒවා මෙරටට ආනයනය කිරීමේදී පිළිගත් ඖෂධ ආනයන ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

මේ ආකාරයෙන් තත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම නිසා සිදු වූ මරණ හා රෝගී සංකූලතා තුළින් වගඋත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිටිනවා.

ඊට අමතරව මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥයින් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නම් කරන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එම විමර්ශන කමිටුව හරහා වාර්තාවක් අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසටයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

26ක් රෝහල්ගත කළ වෙන්නප්පුවේ බඹර ප්‍රහාරය

බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් වෙන්නප්පුව - මාටින් ද ෆොරස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙක් රෝහල්ගත කර තිබේ. තුවාල ලැබුවන් සියලුදෙනා ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර...

කාන්තාවක් එළොව යැවූ සැකකරුගේ මෝටර් රථය හමුවෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ප්‍රදීපා සිල්වා නම් රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය ඊයේ...

මැතිවරණ කොමිසමට නොතීසි

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here