― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබිරිඳගේ අනියම් සැමියාගේ දිවි තොර කළ පුද්ගලයා අල්ලයි

බිරිඳගේ අනියම් සැමියාගේ දිවි තොර කළ පුද්ගලයා අල්ලයි

බිරිඳගේ අනියම් සැමියාගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පදවිය පොලිසිය විසිනි.

පසුගිය 29 දා පදවිය බෝගස් වැව කෝන්වැව මාර්ගයේ ළඳු කැලෑවක තිබි ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබූ අතර මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ 39 හැවිරිදි බූඔය හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ආබාධිත හමුදා සෙබලෙක් බවට වාර්තා වෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ඝාතනය සිදු කළ පුද්ගලයා හොදම මිතුරන් වන අතර එම සමීප සබඳතාවය නිසා බිරිඳ සමඟ අනියම් සබඳතාවයක් ඇති කරගෙන ඇති බව විමර්ශණ වලදී හෙළි වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ ත්‍රීරෝද රථයද එම කැළෑවේ තිබී සොයා ගෙන ඇති අතර ඝාතනයට යොදා ගත් පිහියද ළිදකට දමා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයාගෙන තිබෙනවා.

පදවිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.