28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැසි ලැබුණත් ජලාශවල ජල ධාරිතාව වැඩිවී නැහැ

වැසි ලැබුණත් ජලාශවල ජල ධාරිතාව වැඩිවී නැහැ

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තැනින් තැන වැසි ලැබුණත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල ධාරිතාව මෙතෙක් වැඩිවීමක් සිදුවී නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂ 8 ක් පමණ බවයි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ.

එය ජලාශවල පැවතිය යුතු ජල ධාරිතාවෙන් 27% කි.

ජලාශවල ජල ධාරිතාවේ වෙනස් වීම අධ්‍යයනය කිරීමක් මේ වනවිට සිදු කර ඇති බවත් මේ දිනවල පැවතිය යුතු ජල ධාරිතාවේ සාමාන්‍යයට වඩා 3% ක අඩු ජල ධාරිතාවක් දැනට ජලාශවල පවතින බවයි ඇය වැඩිදුරටන් සඳහන් කළේ.