29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportආසියානු කුසලානයේ පළමු ජය පාකිස්ථානයට

ආසියානු කුසලානයේ පළමු ජය පාකිස්ථානයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නේපාල කණ්ඩායම එරෙහිව පැවැති පළමු තරගය ලකුණු 238ක විශිෂ්ට ජයක් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 342ක් රැස්කරගැනීමට සමත්විය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් නායක බාබර් අසාම් පන්දු 131ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 14ක් සමඟ ලකුණු 151ක් රැස්කළා. ඉෆ්තිකාර් අහමඩ් නොදැවී ලකුණු 109ක් රැස් කළා.

නේපාල කණ්ඩායම පන්වාර 23යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 104ක් පමණි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රි ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර අද 3ට ආරම්භවිමට නියමිතයි.