30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතලංගම වෙඩි තැබීමේ සැකකරුවෙක් සිංගප්පූරුවට පළාගොස් සිටියදී අල්ලයි

තලංගම වෙඩි තැබීමේ සැකකරුවෙක් සිංගප්පූරුවට පළාගොස් සිටියදී අල්ලයි

දකුණු තලංගම කොරාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පලා ගිය සැකකරුවෙකු නැවත ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 25 වනදා කොරාව ප්‍රදේශයේ දී මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙක් බව කියන ජානක පුෂ්පකුමාර නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා පළා යන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත ගුවන් යානය පිටව යන අවස්ථාවේදීම සැකකරුට විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

එම පුද්ගලයා සිංගප්පූරුවට ගොඩ බැස සිටියදී එරට ආරක්ෂක අංශ සහාය මත යළි ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලදී අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරුවෙක්.

අතුරුගිරියේ ලඩියාගේ කල්ලියේ දැනුම්දීම මත මෙම සැකකරු විසින් අදාළ ඝාතනයට යොමුව ඇති බව සිදු කළ මූලික විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන තව දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවයි.