29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ප්‍රතිලාභීන් ලක්ෂ 06කට හෙට අස්වැසුම

තවත් ප්‍රතිලාභීන් ලක්ෂ 06කට හෙට අස්වැසුම

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

තවත් ලක්ෂ 6ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට මෙම ලබා දෙන බවයි එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි සඳහන් කළේ.

මේ දිනවල අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතුද සිදුවන අතර
විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පළමු අදියරේදී පවුල් ලක්ෂ 8 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවු අතර ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගිය 28 දින බැංකු වෙත නිකුත් කළේය.