23.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැය 24ක් අඛණ්ඩව නර්තනයේ යෙදීමෙන් ගිනස් වාර්තාවක්

පැය 24ක් අඛණ්ඩව නර්තනයේ යෙදීමෙන් ගිනස් වාර්තාවක්

පැය 24ක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට එක්වීමට වතුකරයේ තරුණයන් 07 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු අද (31) දිනයේ සමත්විය.

හපුතලේ, ලිදුල මෙරායා, ආගරපතන, මීගමුව සහ ඩයගම යන ප්‍රදේශවල පදිංචි මෙම තරුණ තරුණියන් පිරිස වයස අවු 16 – 26 වයස් කාණ්ඩ වල පසුවන අය අතර එම 09 දෙනා හැටන් ප්‍රදේශයේ නර්තන පුහුණු ආයතනයක පුහුණුව ලැබු පිරිසක් බවයි එම වාර්තාව පිහිටුවීම සංවිධානය කළ පිරිස කියා සිටියේ.

චෝලන් ලෝක වාර්තා පොතේ මෙරට නියෝජිත සී.නාගවාණි රාජාගේ අධික්ෂණය යටතේ (30) දින උදැසන 8 සිට (31) දින උදැසන 8 දක්වා පැය 24ක කාලයක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා සංකීර්ණයේ එම තරුණ තරුණියන් පිරිස සිය නර්තනයන් ඉදිරිපත් කරනු ලැබූහ.

නර්තනයේ යෙදී සිටි තරුණ තරුණියන්ට කොටස් වශයෙන් විවේක ගැනීමට සහ ආහාර අනුභව කිරීමට සුළු විවේක කාලයක් ලබාදීමට චෝලන් අධීක්ෂණ කමිටුවේ නිලධාරින් කටයුතු කෙරිණ.

වතුකරයේ තරුණ තරුණියන් 09 දෙනෙකු නර්තනයෙන් පිහිටවූ ලෝක වාර්තාව පිහිටුවීම දැක බලා ගැනීමට එම තරුණ තරුණියන් ඥාතින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.