― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsබාල ඖෂධ ලංකාවට ඇවිත් ඇති බව මම පිළිගන්නවා

බාල ඖෂධ ලංකාවට ඇවිත් ඇති බව මම පිළිගන්නවා

බාල ඖෂධ මෙරටට ගෙන්වා ඇති බව තමා පිළිගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න පවසයි.

අමෙරිකාවේ ආහාර හා ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් හට දින තුනක පුහුණු වැඩමුළුවක් ඊයේ (30) පැවති අතර එහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනුයි සභාපතිවරයා මේ බව කියා සිටියේ.

ඒ සෑම මරණයක් පිළිබඳව අපි පරික්ෂණයක් පවත්වනවා. ඒ ඖෂධ සියල්ලම අපි භාවිතයෙන් ඉවත් කළා. ඔබ දන්නවා ඇති එන්නතකින් ආසාත්මිකතාවයක් නිසා රෝගියෙක් මියගියා. දැන්නම නියම කරලා තියෙනවා එම ඖෂධය ඔස්ට්‍රේලියාවේ TG ආයතනයට යවන්න කියලා මේක පරික්ෂා කරලා බලන්න. දැනට මම තුනක් හතරක් වගේ ඉවත් කරලා තියෙනවා. ඉවත් කළාට ආයෙත් ඒ බෙහෙත් එන්න බැහැ. ඒ ආයතනය අසාදු ලේඛනගත කළා. ඉන්දියාවේ ආයතනය සම්පූර්ණයෙන් අසාදු ලේඛනගත කරනවා. සමහර බාල ඖෂධ ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අර ඇස්වලට ගෙනාපු බෙහෙත බාලයි. ඒක මම පිළිගන්නවා. අපි ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඖෂධ කාණ්ඩ ගණනාවක් එනවා. අපිට කුප්පියෙන් කුප්පියට පරික්ෂා කරන්න බැහැනේ.