27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් ආවොත් සජිත් ජනාධිපතිවරණයට එන්නේ නෑ - රංගේ බණ්ඩාර

රනිල් ආවොත් සජිත් ජනාධිපතිවරණයට එන්නේ නෑ – රංගේ බණ්ඩාර

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස කණ්ඩායම කරන්නේ ඩලස් හෝ මෛත්‍රීපාල හෝ අනුර දිසානායක හෝ ලණුව කන කෙනා බිල්ලට තල්ලු කර මගහැරීම බවයි මහලේකම්වරයා එහිදී කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස යාල කැලේට නියත වශයෙන්ම පනින බවත් ඔහුට යාල කැලේ මදුරුවන් තලමින් කිනිතුල්ලන් කඩමින් සිටින්නට අවශ්‍යතාවයක් නොවන බවත් පැවසූ මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා යාල හිල්ටන් හෝටලය විවෘත කර දී තිබෙන බවයි.