― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමත්ද්‍රව්‍ය සමඟ පාසල් සිසුවෙක් අල්ලයි

මත්ද්‍රව්‍ය සමඟ පාසල් සිසුවෙක් අල්ලයි

යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ පාසල් සිසුවෙකු කේරළ ගංජා හා මාවා මත්ද්‍රව්‍ය සමඟ පසුගිය(29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන මෙම සිසුවා පිළිබදව පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුව එම ශිෂ්‍යයා ඩෙෆ්ට් ප්‍රදේශයේ සිට යාපනයට පැමිණි අවස්ථාවේ දී පොලිසිය ඔහුව පරික්ෂා කොට ඇති බවයි වාර්තා වන්නේ.

සිසුවාගේ කලිසම් සාක්කුවේ තිබි එම මත්ද්‍රව්‍ය හමු වී ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ මෙම සිසුවා මත්ද්‍රව්‍ය අලෙවි කරන පිරිසක් සමඟ එකතු වී පාසල් නිල ඇදුමින්ම මත්ද්‍රව්‍ය අලෙවි කරන බවයි.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, මෙම සිසුවා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.