19.3 C
London
Monday, October 2, 2023

රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ජය ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටිනවා

රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පවුල් අතුරින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජල සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඇස්තමේන්තුව 85%ක් බව ගණන් බලා තිබෙන බවත් එම අවශ්‍යතාවයෙන් 62%කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඉතිරි ඉලක්කය ද නුදුරු අනාගතයේදීම සම්පූර්ණ කර ගැනීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පවතින ආර්ථික අසීරුතා හමුවේ යථාර්තයට මුහුණ දෙමින් රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණ හමුවේ ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වූ බවත්, ජලය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළ රටටත් ජනතාවටත් සහනයක් උදාකර ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම ඒක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා,

ශ්‍රී ලංකාවේ පවුල් අතුරින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජල සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඇස්තමේන්තුව 85%ක් බව ගණන් බලා තිබෙනවා. එම අවශ්‍යතාවයෙන් 62%ක් සම්පූර්ණ කිරීමට අපි කටයුතු කර තිබෙනවා.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය සහ ලෝක ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසරේ රටක් ලෙස මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බුදය හේතුවෙන් අප මුලින් සකස් කළ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට පියවර ගැනීමත් සමඟ එම කටයුතු ක්‍රමක්‍රමයෙන් නැවත ආරම්භ කිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා.

විශේෂයෙන්ම අපගේ අමාත්‍යාංශය යටතේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ජල සම්පත් කළමනාකරණ මණ්ඩලය සහ ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යන ආයතන 03 ක්‍රියාත්මක වෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රටේ ජනතාවට ගුණාත්මක ජල සැපයුමක් සහතික කිරීමට කැප වී සිටින අතර, ජල සම්පාදන මණ්ඩලය සේවාවන් ලබාගත නොහැකි තත්ත්වයේ පසුවන පවුල් ලක්ෂ 8ක් සඳහා ප්‍රජා ජල සමිති 4332ක් මගින් ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට කටයුතු කර තිබෙනවා.

2020 වසරේ සිට ඉදිකිරීම් ආරම්භ කරන ලද ප්‍රජා ජල යෝජනා ව්‍යාපෘති විශාල ප්‍රමාණයක කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවතියද, ඇති වූ ආර්ථික ගැටලු හමුවේ ජල සම්පාදන මණ්ඩලය විසින් ආනයනය කරන ලද ජල නළ බහාලුම් 248ක් සඳහා ගෙවිය යුතු මුදල් සොයාගැනීමේ අපහසුතාවය මත එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා.

නමුත් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ වන විට අප ක්‍රම ක්‍රමයෙන් එම ජල නළ බහාලුම් වරායෙන් නිදහස් කර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා නැනෝ ජල පිරිපහදු පද්ධති 400ක් ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒවායින් 65ක පමණ කටයුතු මේ වන විට අවසන් කර ජනතාවට භාර දී තිබෙනවා. ඊට අමතරව දිස්ත්‍රික්ක වශයෙන් ගත්විට අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවයෙන් 70%ක ප්‍රමාණයකට නළ ජලය ලබාදීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වසිප් ව්‍යාපෘතිය යටතේ ජල සම්පාදන මණ්ඩලයට සහ ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යන ආයතන දෙකටම ජලය ලබාදිය නොහැකි ප්‍රදේශ සඳහා ජලය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. එය මේ වන විට කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙනවා.

වඩදිය හා බාදිය තත්ත්වයන් හේතුවෙන් ලවණ ජලය ගංගාවලට එකතු වීම වැළැක්වීම සඳහා ලවණ බාධක ඉදිකිරීමේ කටයුතු අපි දැනට ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන්ම ගිං ගඟ, නිල්වලා ගඟ සහ මා ඔය සඳහා අප ලවණ බාධක ඉදිකර අවසන් කර තිබෙනවා. ඒ වගේම කළු හා කැලණි ගංගා සඳහා ද ලවණ බාධක ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. කැලණි ගඟ සඳහා අපි භාවිතා කරන්නේ නෙදර්ලන්තයේ භාවිතා කරන තාක්ෂණය බව සිහිපත් කළයුතුයි.

ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභින් සහ නාගරික වතු නිවාසවල ජනතාව සඳහා ජල සැපයුම එක් ඒකකයක් සඳහා අගය ඉතා සාධාරණ මිලකට ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. ජල බිල වැඩිකරන තෙක්ම ලීටර් 1000කින් යුතු ඒකකයක් ජල සම්පාදන මණ්ඩලය විසින් ලබාදුන්නේ රුපියල් 60ක් වැනි මුදලකට. නමුත් ජල සම්පාදන මණ්ඩලයේ ණය බර ගණනයට එකතු කිරීමෙන් තොරව නිෂ්පාදන පිරිවැය පමණක් රු. 86ක් පමණ වෙනවා. ඒ සඳහා ණය බරත් එකතු කළ විට රු. 134ක් වැනි අගයක් ගන්නවා. නමුත් මණ්ඩලය ජල ඒකකයක් දැනට ලබාදෙන්නේ රු.116ක් වැනි මුදලකට. ඒ නිසා අප අමාත්‍යාංශය ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතා වටිනා මෙම ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිත කර රටටත් ඔබටත් ඉතුරුවක් කරගන්නා ලෙසයි.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ රට ගොඩනැගිය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. හෙතෙම මේ බව සඳහන්...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය. මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here