31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඖෂධ ආනයනකරුවන්ට බිලියන 13ක හිඟ බිල්පත්

ඖෂධ ආනයනකරුවන්ට බිලියන 13ක හිඟ බිල්පත්

ඖෂධ ආනයකරුවන්ට තවදුරටත් රුපියල් බිලියන 13 හිඟ බිල්පත් ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම බිල්පත් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇති බවත් ඒවා අදියර වශයෙන් මුදා හැරීමට මහා භාණ්ඩාගාරය එකඟ වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් ඇතැම් ඖෂධ ආනයනකරුවන් ඖෂධ ගෙන්වීමට මැලිකමක් දක්වන බවත් මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය ඖෂධ හිඟය 161ක් දක්වා අඩු වී ඇති බවත් එහි උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

එම සියලු ඖෂධ මේ වනවිට ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ අදියර කිහිපයකින් මෙරටට ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.