22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති මන්දිරයේ පියානෝව වාදනය කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

ජනපති මන්දිරයේ පියානෝව වාදනය කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

අරගල සමයේ කොටුව ජනාධිපති මන්දිරයේ විශේෂ රාජකාරි සදහා යොදවා සිටියදි අරගලකරුවන් සමග එක්ව එහි පියානෝවක් වාදනය කළ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව කියා සිටියේ සිද්ධියෙන් වසරකට පසුව පොලිස්පතිවරයාගේ නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් සිදුකර, විනය පරික්ෂණයක් ද පවත්වා ඉකුත් (29) සිට වැඩතහනම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙලෙස වැඩතහනම් කර ඇත්තේ පුත්තලම සාලියවැව පොලිස් ස්ථානයට අනුයුක්තව කොස්තාපල් රියදුරකු වශයෙන් රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකුගේ වන අතර පසුගිය අරගල සමයේ අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසු මොහුද රාජකාරිය අතරතුර පොලිස් නිළ ඇදුමෙන් මන්දිරය වෙත පැමිණ එහි පියානෝවක් වාදනය කර ඇති බවයි.