26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherදිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම්

කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අද (01) රාත්‍රී අට දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත්වන වන ජනතාවද නායයෑම්, ගල් පෙරළීම්, පස්කණ්ඩි කඩාවැටීම් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.