― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalපැමිණිල්ලක් ඇත්නම් පොලිසියට මගහරින්න බැහැ – මහජන ආරක්ෂක ඇමති

පැමිණිල්ලක් ඇත්නම් පොලිසියට මගහරින්න බැහැ – මහජන ආරක්ෂක ඇමති

යම් පාර්ශවයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කර ඇති අවස්ථාවක පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැක්කක් බව මහජන ආරක්ෂක ඇමතිවරයා පවසනවා.

වතු කම්කරුවන් සහ කළමණාකාරිත්වය අතර ඇතිවන්නා වූ විවිධ වෘත්තීය සමිති ගැටුම්වලට පොලිසියේ මැදිහත් වීම ගැටලුවක් බව පසුගියදා පැවති මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් විසින් ඉස්මතු කරනු ලැබුවා.

එහිදී මහජන ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කළේ යම් පාර්ශවයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කර ඇති අවස්ථාවක පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැක්කක් බවයි.