24 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් විශේෂ කාර්ය බලකායේ 39 වන ගුණ සැමරුම අදයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ 39 වන ගුණ සැමරුම අදයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අදට (01) යෙදී තිබේ.

දශක තුනක් පැවති යුද්ධයෙන් මවිබිමේ භෞමික අඛණ්ඩතාවය සහ සෛවරිභාවය ආරක්ෂා කිරිමට දිවි හිමියෙන් කැපවුණු පොලිස් විශේෂ කාර්ය බලකාය දකුණු ආසියාවේ විශිෂ්ටතම අතුරු හමුදාවයි.

ත්‍රස්තවාදය මවිබිමෙන් අතුගා දැමීමට සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කළ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 464 දෙනෙක් හා කමිකරුවන් 6 දෙනෙකු රට වෙනුවෙන් දිවි පුදා තිබේ.

ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන් සංඛ්‍යාව 744 කි.

ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය විශේෂ කර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පසලේ රණවිරු ස්මාරකය අභියස අද පැවැත්වෙයි.

ඊට සමගාමීව විශේෂ කාර්ය බලකාය අනුරාධපුර, කතරගම, අම්පාර යන කඳවුරුවල රණවිරු ස්මාරක අභියස ද රණවිරු සැමරුම් උත්සව පවත්වනු ලබයි.