― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපෞද්ගලික රෝහලක මුදල් වංචාවකට 07ක් අත්අඩංගුවට

පෞද්ගලික රෝහලක මුදල් වංචාවකට 07ක් අත්අඩංගුවට

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සිදු වී යැයි කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාව සම්බන්ධයෙන් හිටපු ගණකාධිකාරි හා සහකාර ගණකාධිකාරිවරිය ඇතුළු හත්දෙනකු ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත්තා.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගෙන් අයකරගන්නා ලක්ෂ ගණන් මුදල්වලට රෝහලෙන් ලබා දෙන 20% ක විශේෂ වට්ටම් මුදල මෙලෙස එම රෝහලේ ගිණුම් අංශයේ හිටපු ගණකාධිකාරිවරයා ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් වංචා සහගත ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉකුත් කාලය පුරා විමර්ශන පැවැත්වීය.

එම වංචාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය රෝගීන් විශාල ප්‍රමාණයක් ඇතුළු දෙසියයක් පමණ දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. යම් රෝගියෙක් ප්‍රතිකාර සඳහා රෝහලේ නේවාසිකව සිට පිටවී යන අවස්ථාවේ ඒ වෙනුවෙන් රෝහලට ගෙවිය යුතු සම්පූර්ණ බිල ගෙවිම සිදු කළ යුතු අතර රෝහලෙන් ලබාදෙන විශේෂ වට්ටම ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ පසුව එය ලබාදීම එම රෝහලේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන බව ආරංචි මාර්ග කියයි.

එම විශේෂ වට්ටම පිළිබඳ බහුතරයක් රෝගීන්ගේ නොදැනුවත්භාවය ප්‍රයෝජනයට ගෙන ගිණුම් අංශයේ ගණකාධිකාරිවරයා ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් රෝහලේ නේවාසිකව සිටි රෝගියා හෝ සමීප ඥාතියා එම විශේෂ වට්ටම ඉල්ලා ඉදිරිපත් කළ ලිපියක් ආකාරයෙන් කූට ලේඛන සකසා වසර ගණනාවක සිට මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි මේ වන විට අනාවරණය වී ඇත.

විශේෂ වූ වට්ටම් මුදල් ලබාදී ඇත්තේ පෙටි කෑෂ් (සුළු වියදම් සඳහා වෙන්කර තිබෙන මුදල්) මුදල්වලිනි. එම වංචාව සම්බන්ධයෙන් අනාවරණය වූ සැණින් ගිණුම් අංශයේ ගණකාධිකාරිවරයා ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු සේවයෙන් ඉවත් කර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබිණි.

සැකකරුවන් සහ සැකකාරියක් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට පත්වූවෝ කඳාන සහ රාගම අවට පදිංචිකරුවෝය. සැකකරුවන් අද 1 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.