― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportබංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගාවලියේ දෙවන තරගය වූ මෙය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි. පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 42යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 164ක් පමණයි.

Najmul Hossain Shanto ලකුණු 89ක් ලබාගත්තා. බංග්ලාදේශ ක්‍රීඩකයන් 6 දෙනෙකුම ලකුණු 10ක් වත් නොලබා දැවී ගියා. පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 4ක් බිඳහෙළුවා. මහීෂ් තීක්ෂණ කඩුලු 2යි.

ලකුණු 165ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චරිත් අසලංක නොදැවී 62යි. මෙම තරගයේදී සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක අර්ධ ශතක ලබාගැනීමට සමත්වුණා. තම 4 වන එක්දින අර්ධ ශතකය ලබා ගත් සධීර සමරවික්‍රම එම ලකුණු 50 ලබාගත්තේ පන්දු 59 කට මුහුණ දෙමින්. ඊට 4 පහර 6ක් ද ඇතුලත් වුණා. දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54ක්.

තම 9 වන එක්දින අර්ධ ශතකය ලබා ගැනීමට චරිත් අසලංක අද සමත්වුණා. ඔහු එම ලකුණු 50 ලබා ගත්තේ පන්දු 85කට මුහුණ දෙමින්. ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 4ක් ද ඇතුලත් වුණා.