― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයින් මිලියන 06ක් ආහාර අනාරක්ෂිතභාවයෙන්

ශ්‍රී ලාංකිකයින් මිලියන 06ක් ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට මිලියන 06ක ශ්‍රී ලාංකිකයන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (01) කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමිනි.

ලෝක ආහාර වැඩසටහනේ දත්ත වාර්තාවලිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

පෝෂණය, අධ්‍යාපනය, කුටුම්බ ණය හෝ ආපදා අවදානම් සම්බන්ධ ගැටලු ආවරණය වන පරිදි නිවාස 25,000 කින් දත්ත ලබා ගනිමින් ජාතික මට්ටමේ සමීක්ෂණයක් මගින් මෙම වාර්තාව සඳහා දත්ත රැස්කර තිබේ.

ලෝක බැංකු වාර්තා අනුව දුගීභාවයේ අනුපාතය 2021 සහ 2022 අතර වසරක් තුළ දෙගුණයකින් පමණ වැඩිවී තිබෙනවා. ලෝක ආහාර වැඩසටහනේ වාර්තා අනුව මිලියන 06ක් ශ්‍රී ලාංකිකයින් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා. ආහාර සඳහා ප්‍රවේශය මෙන්ම ලබාගැනීමේ හැකියාව 2022 වසරේ අධි උද්ධමන කාලසීමාවේදී බොහෝ දෙනෙකුට සීමා වුණා. මෙම දුෂ්කරතාවන් බලපෑම පැතිරීමත් සමග පුද්ගලයින් සහ ගෘහස්ථයන් අතර විෂමතාවන් ඇතිවීම හේතුවුණා.

රජය විසින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වෙද්දී, අපගේ වගකීමක් වන්නේ එමගින් ජනතාවට ඇතිවෙන බලපෑම සෑම තලයකින්ම වටහාගැනීමයි. මෙම දැනුම. හිඩැස පුරවාලීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 ජාතික පුරවැසි සමීක්ෂණය මුල්වරට ආරම්භ කළා. එහිදී රට පුරා නිවාස 25,000ක් මුහුණ දී සිටින යථාර්ථයන් මෙමගින් ග්‍රහණය කරගැනීමට කටයුතු කරනවා.

මෙම සමීක්ෂණයේ දත්ත ලැබෙමින් පවතින විට අපට කඩිනමින් වටහා ගත හැකි වූ කරුණ තමයි. එය සාම්ප්‍රදායක ලෙස ආදායම වැඩි එක් නිර්නායකයකට සීමා නොවූ විවිධ තලයන් ඔස්සේ ක්‍රියාත්මක කළ යුතු බව.