29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසපුගස්කන්දේ වැඩ දින 20කට නවතී

සපුගස්කන්දේ වැඩ දින 20කට නවතී

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 18 වැනිදා සිට ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා එහි වැඩකටයුතු අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි පිරිපහදුවේ කටයුතු නවත්වනු ලබන්නේ.

එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.