25.6 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු අල්ලයි

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු අල්ලයි

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසල දී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ බළකා විශේෂ මෙහෙයුම් දෙවන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කරන්දෙණිය දෙමටගහකන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් පදවාගෙන පැමිණි යතුරුපැදිය සඟවා ගෙන සිටිමේ චෝදනාව යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.