32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දු -පාකිස්ථාන ක්‍රිකට් ගැටුම අද

ඉන්දු -පාකිස්ථාන ක්‍රිකට් ගැටුම අද

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (02) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

දේශපාලන පසමිතුරන් වී සිටින ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන මෙම තරගය කෙරෙහි මේ වනවිට ක්‍රිකට් ලෝකයේ වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

මෙරට වේලාවෙන් අද (02) පස්වරු හතරට මෙම තරගය ආරම්භ වන අතර, කණ්ඩායම දෙකම ඊයේ (01) රාත්‍රී ආලෝක ධාරා මධ්‍යයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසි සදහා එක්ව සිටියා.

එහිදී කලෙකින් මුණගැසෙන දෙපිළේම ක්‍රීඩකයින් පෙර පුහුණුවීම් අතර තුර සහෝදර ක්‍රීඩකයින් එකිනෙකා හමුවී සුහද කතා බස්වල නිරතවන ආකාරයද ද දැකගත හැකි වුණා.