28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබමන මතින් ගිං ගඟට පැන්න මාරක ළිඳේ යතුරුපැදි ධාවකයා අතුරුදන්

බමන මතින් ගිං ගඟට පැන්න මාරක ළිඳේ යතුරුපැදි ධාවකයා අතුරුදන්

ගාල්ල – නාගොඩ ප්‍රදේශයේ දී ගිං ගඟේ දිය නෑමට දිය පුද්ගලයෙක් ඊයේ (01) සවස ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ මේ දිනවල පවත්වනු ලබන සැණකෙළියක ඇති මාරක ළිඳේ යතුරුපැදි ධාවනය කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

පැවති අධික වර්ෂාව හේතුවෙන් සැණකෙළිය නතර දැමීම හේතුවෙන් මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මත්පැන් පානය කර දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයා පාලමක් මතින් ගිං ගඟට පැන ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

නාගොඩ පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා