― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsබිරිඳ සහ දියණියන් දෙදෙනා කොස්තාපල්ට පහර දී අත් පා ගැට ගසයි

බිරිඳ සහ දියණියන් දෙදෙනා කොස්තාපල්ට පහර දී අත් පා ගැට ගසයි

බිරිඳ සහ දියණියන් විසින් පහර දී අත් පා ගැටගසා සිරකර සිටි පොලිස් නිලධාරියෙක් ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් විසින් මුදාගෙන ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කුරුඳුවත්ත පොලීසියේ අනියුක්තව සේවය කරමින් සිටි කොස්තාපල්වරයෙක්.

ඔහු රාජකදළුව – මානාවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහු මත්පැන් පානය කර නිවසට පැමිණ තම බිරිඳට සහ දියණියන් දෙදෙනාට මෝල ගසකින් පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව බිරිඳ සහ දියණියන් දෙදෙනා එක්ව ඔහුට පහර දී අත පය ගැටගසා සිරකර ආරච්චිකට්ටුව පොලීසිය දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

පසුව පොලීසිය පැමිණ පොලිස් කොස්තාපල්වරයා ඉන් මුදවාගෙන ඇති අතර, බිරිඳ සහ දරුවන්ට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුවයි ප්‍රතිකාර සඳහා ඔහුව රෝහල් ගතකර ඇත්තේ.

පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ ද ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර කොස්තාපල්වරයා පසුගිය ජූලි මස 21 වෙනිදා සිට සේවයට වාර්තා කර නොමැති බවට ද තොරතරු අනාවරණය වී තිබෙනවා.