30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය රන් බිස්කට් ඉන්දියාවේදී අල්ලයි

ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය රන් බිස්කට් ඉන්දියාවේදී අල්ලයි

මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් රුපියල් කෝටි විස්සක් පමණ වටිනා රත්රන් බිස්කට් කිලෝ 14.8ක් ප්‍රවාහනය කළ දෙදෙනකු ඉන්දියාවේ රාමනාදන්පුරම් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම ප්‍රදේශයේ සිට මෙම රන් බිස්කට් තොගය ඉන්දියාව දක්වා ප්‍රවාහනය කළ ධීවර බෝට්ටුවේ කාර්මිකයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අත්අඩංගුවට පත් අනෙක් දෙදෙනාගෙන් අයකු මන්නාරමේ පදිංචිකරුවකු වන අතර අනෙක් තැනැත්තා තමිල්නාඩුවේ පදිංචිකරුවෙක්.

මෙම රන් බිස්කට් තොගය වෙරළට ළඟා වීමෙන් පසු ඒවා රැගෙන යෑමට බවට සැක කෙරෙන යතුරුපැදියක් ද වෙරළාසන්නයට පැමිණ තිබූ අතර රන් බිස්කට් අත්අඩංගුවට පත් වූ බව සැලවීමත් සමඟ එය පළා ගොස් ඇතැයි සඳහන්.

අදාළ රන් බිස්කට් තොගය පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව ඉන්දීය ආරක්ෂක අංශ ඒවා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාමනාදන්පුරම් ගීසල්කරෙයි අසල කලිමන්කුන්ඩු වෙරළ තීරයේදීයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහ බෝට්ටු කාර්මිකයා රාමනාදන්පුරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.