― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News16ක දැරිය වරින්වර හදි කළ පියා සහ සහෝදරයා සොයා විමර්ශන

16ක දැරිය වරින්වර හදි කළ පියා සහ සහෝදරයා සොයා විමර්ශන

වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දූෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ එළුවන්කුලම – අයිලිය ගම්මානයේ පදිංචිව සිටි දැරියක් බවයි වාර්තා වන්නේ.

මෙම දැරියගේ මව ඇය කුඩා කාලයේදීම මිය ගොස් ඇති අතර, පසුව ඇය සිය පියා භාරයේ සහෝදරයා සමඟ හැඳි වැඩී ඇති බවයි වාර්තා වුණේ.

2023 අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ 14 හැවිරිදි සහෝදරයා තමන්ව දූෂණය කළ බවත්, එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දූෂණය කරන බව ද දැරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර 53 හැවිරිදි පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට වනාතවිල්ලුව පොලීසිය විමර්ශණ ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.