19.3 C
London
Monday, October 2, 2023

හම්බන්‌තොට වගා හානි අක්කර 4479ක් දක්වා ඉහළට

මෙම යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන්ට බලපෑ නියඟය තත්ත්වය හේතුවෙන් පසුගිය පළමු වනදා වන විට වාර්තා වී ඇති වගාහානි ප්‍රමාණය අක්කර 60,503.92ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පීඩාවට පත් ගොවීන් ප්‍රමාණය 55,951ක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය කියාසිටියේ.

මෙම මස පළමුවනදා වනවිට නියඟය හේතුවෙන් සිදුවන වගා හානි ප්‍රමාණය පිළිබඳ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී තිබෙනවා.

එම වාර්තාව සළකා බැලීමේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වගා හානි ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි පෙනී ගොස් ඇත්තේ. ඒ අනුව මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි ප්‍රමාණය අක්කර 4479.25 දක්වාත්, පීඩාවට පත් ගොවීන් ප්‍රමාණය 3696 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් තවමත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,644.40ක්. ගොවීන් ප්‍රමාණය 32,144ක් බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ.

දෙවන ස්ථානයට උඩවලවේ කලාපය වාර්තාවන අතර එහි අක්කර 14,667.50ක් වගා හානි සිදුවී ඇති අතර පීඩාවට පත්වූ ගොවීන් ප්‍රමාණය 5867ක්.

මීට අමතරව රත්නපුර අක්කර 1719ක් ( ගොවීන් 2517), මාතලේ අක්කර 1496ක් (ගොවීන් 2225), පොලොන්නරුව අක්කර 1256ක් ( ගොවීන් 482ක්) වශයෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර පසුගිය සිකුරාදා (01) මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති උත්සවයක් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ නියඟය හේතුවෙන් යම් වගාහානී ප්‍රමාණයක් සිදුවී ඇතත් රට තුළට ලබන මහ කන්නයේ අස්වැන්න නෙළා ගන්නා තෙක් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් සහ වී තොග රට තුළ පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ අතර දැනට පවතින වර්ෂාව හේතුවෙන් අස්වනු නෙලා ගැනීමට ආසන්න අවස්ථාවේ තිබු හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසටයි අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට තීරණය කොට තිබෙනවා. පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර කළ බව කියන එම විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here