29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් බහින් බස්වීම දුරදිග ගොස් ලැගුම්හලේදී පෙම්වතිය ගුටි කා රෝහලේ

දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් බහින් බස්වීම දුරදිග ගොස් ලැගුම්හලේදී පෙම්වතිය ගුටි කා රෝහලේ

නිට්ටඹුව, එල්ලක්ල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක් තුළ දී පෙම්වතියට පහර දුන් පෙම්වතෙක් අද (03) පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 28 හැවිරිදි සැකකාර පෙම්වතා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි නිට්ටඹුව පොලිසිය පැවසුවේ.

පෙම්වතාගේ පහර කෑමෙන් බරපතළ තුවාල ලබා සිටි 29 හැවිරිදි පෙම්වතිය ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වනවිට එහි ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටි මෙම යුවළ එල්ලක්ල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක නවාතැන් ගෙන සිටිය දී පෙම්වතා බව කියන තරුණයා මත්පැන් පානය කර තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතිය බව කියන තරුණියගේ ජංගම දුරකථන අංකයට මීට පෙර ලැබී තිබූ ඇමතුමක අංකයක් සම්බන්ධයෙන් විමසා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙලෙස අමානුෂික ලෙස පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් දෙදෙනා අතර මීට පෙර අවස්ථාවලදී ද බහින් බස්වීම් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.