27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරක නිකේතනයක් ඇවිලූ විදේශිකයා

සංචාරක නිකේතනයක් ඇවිලූ විදේශිකයා

වැලිගම, කුරුඳුවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන්ගෙන සිටි විදේශිකයෙකු, එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වනවා.

පසුව විදේශිකයා විසින් ලැඟුම්හලේ කාමරයට ගිනි තබා ඔහු ද එම ගිනිගොඩට පැන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පිලිස්සුම් තුවාල ලැබූ විදේශිකයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිගම පොලිසිය සඳහන් කළා.

33 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙකු වන මෙම විදේශිකයා වසර තුනක පමණ කාලයක සිට මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටින බවටයි අනාවරණය වී ඇත්තේ.

එහිදී එම සංචාරක නිකේතනයට ගෙවිය යුතු මුදල් ඔහු විසින් පැහැර හැර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඒ, පිළිබඳව සංචාරක නිකේතනයේ හිමිකරු ඔහුට දැනුම්දීමත් සමඟ ඊයේ (02) පස්වරුවේ දෙපාර්ශ්වය අතර බහින් බස්වීමක් සිදුව තිබෙනවා.

එහිදී උරණ වූ මෙම ඊජිප්තු ජාතිකයා සංචාරක නිකේතනයේ හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී නවාතැන් ගෙන සිටි කාමරයට ගිනිතබා ඔහු ද එම ගිනිගොඩට පැන ඇති බවටයි වාර්තා වුණේ.

පසුව ඔහුව බේරාගෙන කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එම අවස්ථාවේ දී තවත් රටවල් කිහිපයක සංචාරකයින් මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිට ⁣ඇති බව වාර්තා වනවා.