31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාපයේ සමුළුව දෙසැම්බරයට කල් යයි

එජාපයේ සමුළුව දෙසැම්බරයට කල් යයි

මෙම මස 10 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 77 වන සංවස්තරය දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03) පස්වරුවේ තීරණය කර තිබේ.

මෙම සංවත්සරය කොළඹ ලේක්හවුස් ඉදිරිපිට පිහිටි වාහන අංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොළඹට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම වාහන අංගණයේ ජලය පිරී පවතින බව ජනාධිපති ආරක්ෂක අංශය විසින් වාර්තා කර ඇත.

වාහන අංගණය වැසෙන පරිදි ආවරණ ඉදිකර ජලය බැස යාම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස සංවත්සර උත්සවයේ කළමනාකරණ සමාගමට දැනුම් දී ඇති අතර ඊට කාලය ප්‍රමාණවත් නොවන බවයි එම සමාගම දැනුම් දී ඇත්තේ.

ඒ අනුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය, බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණය සංවත්සරය පැවැත්වීම සඳහා වෙන්කර ගැනීමට උත්සාහ කළද එම ක්‍රීඩාංගණ වෙනත් උත්සව සඳහා වෙන්කර තිබේ.

ජනාධිපතිවරයා ඉදිරි මාස දෙක තුළ ඇමරිකා, චීන හා කියුබාවේ සංචාරවල නිරතවීමට සැලසුම් කර තිබීම නිසා දෙසැම්බර් මාසය දක්වා සංවත්සරය කල් දැමීමට තීරණය කර ඇත.