― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමැණික් ව්‍යාපාරිකයන්ට නව බද්දක්

මැණික් ව්‍යාපාරිකයන්ට නව බද්දක්

මැණික් සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන් සඳහා දැනට ක්‍රියාත්මක ලාභය මත අය කරන බදු ක්‍රමවේදය අවලංගු කර ව්‍යාපාරිකයන්ගේ මූලික ආදායම මත සියයට දෙකයි දශම පහක් හෝ සුදුසු බදු අනුපාතයක් පනවන ලෙස පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට නිර්දේශ කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් පත් කර තිබෙන මෙම කාරක සභාව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතන කිහිපයක් සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි.

ලොව තරගකාරීත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය වන නව යන්ත්‍ර සූත්‍ර තීරුබදු රහිතව ආනයනය කිරීමට මැණික් අපනයනකරුවන්ට අවස්ථාව ලබා දිය යුතු බවත් තායිලන්තය, චීනය සහ හොංකොං ආදි රටවල මැණික් හා ස්වර්ණාභරණ ආනයන අපනයන ක්‍රියාවලියේ දී අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය හා අනෙකුත් ක්‍රමවේද පිළිබඳව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ට පුළුල් අවබෝධයක් ලබා දිය යුතු බවත් එම කාරක සභාව නිර්දේශ කර ඇත.